ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වං රැකියා පුහුණු වැඩසටහන

ආබාධ සහිත තැනැත්තන්ගේ දෙමාපියන් හා භාරකරුවන් සඳහා ආකල්ප සංවර්ධන වැඩසටහනක් හා ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වයං රැකියා පුහුණු වැඩසටහනක් 2024.02.08 සහ 09 යන දින වලදී සූරියවැව ප්රාැදේශීය ලේකම් කාර්යාලීය ශවණාගාරයේදී පැවැත්විණ. ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය වටතේ සංවර්ධන නිලධාරී (සමාජ සේවා) විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මෙහිදී සමාජසේවා නිලධාරී, විද්යාී හා තාක්ෂණ නිලධාරී, පූර්ව ළමාවිය සංවර්ධන නිලධාරී, උපදේශණ නිලධාරී, මානව සම්පත් සංවර්ධන නිලධාරී හා කුඩා ව්යානපාර සංවර්ධන නිලධාරී ඇතුළු නිලධාරී පිරිසක් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.


















