අපගේ දැක්ම
2020 වනවිට නවීණ තාක්ෂණය හා එක්වෙමින් කාර්යක්ෂම සේවාවක් සපයා ප්‍රාදේශීය පාලනයේ විශිෂ්ඨතමයා වීමඅපගේ මෙමෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකුලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධිකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීමදකුණු පළාතේ ඓතිහාසික හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනරම් භූමි භාගයක පිහිටි සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක් පසෙකින් සබරගමුවටත් තවත් පසෙකින් ඌවටත් මායිම්ව, අම්බල්නතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්,හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්,ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් මැදිව පිහිටි පුන්‍ය භූමියකි.
නව්‍ය සංවර්ධනයේ අරැණාලෝකයෙන් අවදිවන අප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය මහඟු දායාදයකි.එක් පසෙකින් පඬිකෙම්ගල පුරාණ රාජමහා විහාරයත්, අනෙක් පසින් ඓතිහාසික කරඬුලෙන ආරණ්‍යයත්,මදුනාගල ආරණ්‍ය සේනාසනයත් නිහඬව කියා පාන්නේ අප පුරවරයේ පෞරාණික උරුමයයි.මහපෑලැස්ස උණුදිය උල්පත් සංචාරක මහජනයාගේ ගතසිත සනසන ස්ථානයකි.පසෙකින් ගලා යන වලව ගං කොමළිය සරුසාර කෙත්වතු වලට අත වනයි.
සිංහල,දමිළ,මුස්ලිම් ජන කොට්ඨාශයන් එක් මවකගේ දරු කැලැක් මෙන් සහොදරත්වයෙන් වෙසෙන අප ජන සමාජය බෞද්ධ,ක්‍රිස්තියානි,මුස්ලිම් ආගමික එකමුතුකමෙන් ද අනූනය.
ප්‍රථමයෙන් 1993.03.01 දී උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස ස්ථාපිත කල අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 1998 දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් විය. සූරියවැව කාර්යාල මාවතේ පිහිටි අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2003 වසරේදී සූරියවැව පාලම අසල දෙමහල් ගොඩනැගිල්ලට ගෙන යන ලදි.
අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ළඟා වීමට මාර්ග කිහිපයක් යොදා ගත හැකිය.
හම්බන්තොට සිට
හම්බන්තොට - සූරියවැව මාර්ගය
ඇඹිලිපිටිය සිට
ඇඹිලිපිටිය - සූරියවැව මාර්ගය (පදලංගල හරහා)
ඇඹිලිපිටිය - සූරියවැව මාර්ගය (මොරකැටිය හරහා)
තණමල්විල සිට
තණමල්විල - ඇඹිලිපිටිය මාර්ගයේ පැමිණ කුමාරගම හන්දියෙන් වමට හැරී මහගල්වැව,මීගහජඳුර හරහා
1990 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| ජී.ඒ.සී.ද සිල්වා මයා | 1990.03.30 | 1991.03.13 |
| ඒ.පී.ඩයිනියස් මයා | 1991.03.14 | 1991.06.18 |
| සී.එන්.විතානාච්චි මයා | 1991.06.19 | 1992.10.27 |
| එල්.පී.ජී.සමරජීව මයා (වැ.බ) | 1992.10.28 | 1994.12.31 |
| එස්.මානවඩු මයා (වැ.බ) | 1995.01.01 | 1997.05.04 |
| ජයසිරි රුවන් පතිරණ මයා (වැ.බ) | 1997.05.05 | 1999.05.24 |
| ඩබ්.ඒ.ආරියරත්න මයා (වැ.බ) | 1999.05.25 | 2000.03.27 |
| ඒ.එල්.ඒ.සිරිවර්ධන මයා | 2000.03.28 | 2001.05.03 |
| ර.වි.මු.දිසානායක මයා (වැ.බ) | 2001.05.03 | 2002.05.23 |
| එච්.ඩී.පියසිරි මයා | 2002.08.21 | 2007.02.16 |
| ඩී.එස්.පත්මකුලසුරිය මිය(වැ.බ) |
2007.02.16 |
2007.03.27 |
| වීරමා අබේවර්ධන මිය | 2007.03.27 | 2008.09.14 |
| එන්.කේ.ආර්.පතිරණ මයා | 2008.09.15 | 2014.05.29 |
| වයි.කේ.එස්.ජීවමාලා මිය (වැ.බ) | 2014.06.01 | 2015.01.12 |
| නාමල් ලියනගේ මයා | 2015.01.13 | 2017.11.14 |
| සුභාෂ් නානායක්කාර මයා | 2017.11.15 | 2019.09.20 |
| දිලුම් දයාරත්න මයා | 2019.09.21 | 2022.04.01 |
| එම්. කේ. ඒ. ඒ. අමාලි මිය | 2022.05.23 |















