cleaning programme

lean Sri Lanka වැඩසටහන යටතේ සූරියවැ නගර පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහන 2025 පෙබරවාරි 13 වන දින පෙ.ව. 8.30ට සූරියවැව පොලිස් ක්‍රීඩාංගනය අසලින් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර ඇත. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය සභාව මූලිකත්වය ගෙන සිදු කරනු ලබන මෙම වැඩසටහන සඳහා සියළු රාජ්‍ය ආයතන හා වෙළඳ ප්‍රජාව දායකත්වය ලබා දේ. මෙම වැඩසටහන සඳහා ජනතාවගේ සහභාගීත්වය අපේකෂා කෙරේ.

සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන්  ජයවිමන නිවාස එහි හිමිකරුවන් වෙතභාරදීම, සුරියවැව සහකාර ප්‍රාදේශීය ලේකම් එච්. එන්. බී. චතුර කුමාර සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන්  ජයවිමන නිවාස එහි හිමිකරුවන් වෙතභාරදීම, සුරියවැව සහකාර ප්‍රාදේශීය ලේකම් එච්. එන්. බී. චතුර කුමාර
මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 පෙබරවාරි 04 වන දින සිදුවිය  , මෙම අවස්ථාවට මුලස්ථාන සමෘද්ධි කළමණාකරු ඩබ්ලිව්. පී. සඳකාන්ති මිය,  මහවැලිකඩආර වසම භාර සමෘද්ධි සංවර්ධන නිළධාරි ඒ. ආනන්ද මයා, අලිඔළුආර වසම භාර සමෘද්ධි සංවර්ධන නිළධාරි අයි. එස්. පළිහක්කාර මිය , සමාජ සංවර්ධන සහකාර රංජිත් මයා  සහ ප්‍රජාමූල සංවිධාන වල සාමාජිකයින්  සහභාගීඅි වන ලදී.

Riidiyagama Safari Park / රිදියගම සෆාරි උද්‍යානය

dsc00360

නව සත්වෝද්‍යාන සංකල්පය අනුව සතුන් නිදැල්ලේ හැසිරෙද්දී ඔවුන් නිරීක්ෂණය කල හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ පිහිටවූ පළමු සෆාරි උද්‍යානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොටට ආසන්න රිදියගමදී 2016.03.28 දින මහජන ආශ්වාදනීය ප්‍රහර්ශය සඳහා විවෘත කරන ලදී. අම්බලන්තොට නගරයේ සිට රිදියගම පාරේ කිලෝ මීටර් 17 ක් පමණ යාමෙන් හෝ ඇඹිලිපිටිය නෝනාගම පාරේ පදලංගල හන්දියෙන් හැරි සුරියවැව පාරේ ගොස් විහාරගල හන්දියෙන් හැරී කිලෝ මීටර් 4 ක් පමණ යාමෙන් මේ උද්‍යානයට ලඟාවිය හැකිය.

මේ උද්‍යානය සඳහා අක්කර 500 ක පමණ බිම් පෙදෙසක් වෙන් කොට ඇති අතර විවිධ සතුන් වර්ග සඳහා කලාප 13 ක් පිහිටුවීමට යෝජිතය. දැනට ඉන් අක්කර 200 ක පමණ ප්‍රමාණයක් සංවර්ධනය කොට ඒ තුල පරිපාලන ගොඩනැගිලි, සත්ව රෝහල, නරඹන්නන්ට පහසුකම් සලසන ස්ථාන, අලෙවි හල් වාහන නැවතුම් ස්ථාන ආදිය හා සත්ව කලාප තුනක වැඩ නිමකර ඇත. මේ සත්ව කලාප වන්නේ අක්කර 35 ක පමණ ප්‍රදේශයකවූ අප්‍රිකානු සිංහ කලාපය, අක්කර 80 ක පමණ පැතිරී ඇති ශාඛ භක්ෂක සතුන් කලාපය හා අක්කර අක්කර 54 කින් යුතු ආසියානු අලින්ගේ කලාපය යන ඒවාය. බෙංගාලි ව්‍යාග්‍රයන්, ඕස්ට්‍රේලියානු සතුන්, ශ්‍රී ලංකා දිවියන්, වලසුන් ආදීන්ට තවත් කලාප හතරක වැඩ නිමවෙමින් පවතී. අප්‍රිකානු සතුන්, චීටාවන්, උරගයින්, සමනලයන් ආදීන් සඳහා තවත් කලාප කීපයක් හා කුඩා සත්ව රජ දහනක්ද සත්ව ජනන හා සංරක්ෂණ කලාපයක්ද නිම කිරීමට යෝජිතය. ඊට අමතරව මහජන විනෝදාස්වාදය සඳහා පහසුකම් සලසන කොටසක් හා රාත්‍රී කාලයේද සෆාරි යාමට සංචාරකයනට නවාතැන් ගැනීම සඳහා සංචාරක නිවාස හා කඳවුරු පද්ධතියක් ඉදි කිරීමට යෝජිතය.

දැනට මෙය සත්ව වර්ග 22 කට පමණ අයත් සතුන් 200 කගේ පමණ නිවහන වී ඇත. මේ උද්‍යානය නැරඹීමට වරකට නරඹන්නන් 20 දෙනෙකු පමණ ගෙනයන වායු සමනය කළ ආරක්‍ෂිත බස් රථ යොදවා තිබේ. මිට අමතරව අවශ්‍ය නම් අතිරේක මුදලක් ගෙවීමෙන් හත් දෙනෙකුට පමණ ගමන් කල හැකි වාහනයක් ලබාගත හැකිය. නරඹන්නන්ට පළමුවෙන්ම හමුවන්නේ අප්‍රිකානු සිංහ කලාපයයි. මෙහිදී අපට පැන්තරා ලියෝ (panthera leo) වර්ගයේ සිංහයන් දැකගත හැකිය.

අනතුරුව ලෝක ශාක භක්ෂක සත්ව කලාපය වෙත පිවිසේ. මෙහිදී තිත් මුවන්, ගෝනුන්, වල් ඌරන්, සීබ්‍රාවන්, අප්‍රිකානු කුළු ගවයන්, ඔටුවන්, කුරු හිපපොටේමස්, සිමිටර් හෝර්න්ඩ් ඔරික්ස්,(scimitar horned oryx) ඇරබියන් ඔරික්ස් (arabian oryx) ගුවානකෝ (guanaco) ග්‍රේටර් කුඩු (greater kudu) බ්ලැක් බක් (blackbuck) පැස්බරුන් ආදීන් හමුවේ.

අවසන ඇතුළු වන්නේ ආසියානු අලින්ගේ කලාපයටයි. දැනට මහජනයා වෙනුවෙන් විවෘත වී ඇති මේ කලාප තුන නැරඹීමට දල වශයෙන් පැය එක හමාරක පමණ කාලයක් ගතවේ. මේ උද්‍යානය පිහිටුවීම 2008.12.20 දින ආරම්භ කරන ඇත්තේ තිරසර සංවර්ධන කාර්යයන්හිදී අපගේ ජාතික උරුමයන් වන ජෛව සම්පත අනාගත පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කරගැනීම පිළිබඳව ජනතාව තුල හැඟීමක් ඇතිකර ලීම හා දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් ආකර්ශනීය සංචාරක මධ්‍යස්ථානයක් ඇතිකිරීමේ අභිලාෂයෙනි. මේ උද්‍යානය තවමත් ආරම්භක අවධියේ ඇති බැවින් බොහෝ සතුන් ප්‍රමාණයක් බැලීමට අපේක්ෂා කිරීම සාධාරණ නොවේ. මදුනාගල උණුදිය උල්පත් හා මදුනාගල ආරන්‍යයද මේ ආසන්නයේ පිහිටා ඇත. දකුණේ සංචාරයක යෙදෙන්නේ නම් මේ උද්‍යානය නැරඹීමටද කාලයක් වෙන්කර ගැනීම අගනේය.

Karambagala Aranya / කරඹගල ආරණ්‍ය සේනාසනය

45

කරඹගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ ය. අම්බලන්තොට නගරය මධ්‍යයේ සිට වලවේ ගඟට සමාන්තරව විහිදෙන මාර්ගයේ උතුරු දෙසට ඇති මහබෝලාන මාර්ගයේ ගොස් එතැනින් හැරී කොක්ගල්ල දෙසට ගමන් කිරීමේදී මෙම ආරණ්‍ය සේනාසනය අපට මුණගැසෙයි. වලවේ නදියත් රිදියගම වැවත් ආරණ්‍ය සේනාසනය ආසන්නයේ පිහිටා ඇති අතර, එයට ඈතින් කතරගම කඳුවැටියත්, රත්මල් කන්දත්, ඇඹිලිපිටිය නගරයත් දර්ශනීයව දිස්වේ. දර්ශනීය වටපිටාවක් සහිතව පිහිටා ඇති කරඹගල ආරණ්‍ය සේනාසනයේදී ප්‍රධාන වශයෙන් අපට ස්තූප තුනක් හමුවේ. ප්‍රධාන ස්තූපය කරඹගල පර්වත මුදුනෙහි දක්නට ලැබෙන අතර, එම ස්තූපය මෑතකදී ප්‍රතිසංස්කරණයකර ඇත.


එහි සෑ මළුවේ පැරැණි ගොඩනැඟිල්ලකට අයත් යැයි සැලකෙන ගල්කණු තැනින් තැන විසිරී තිබේ. නෙළුම් පෙති රටාවෙන් පමණක් හැඩ වූ සඳකඩපහණ මෙහි ඇති තවත් විශේෂිත අංගයකි.

මෙම සඳකඩපහණ මෙහි පිහිටි තවත් ස්තූපයක් පහළින් ඇති ගල්තලාවක ඉදිකර තිබේ. එහි වට ප්‍රමාණය අඩි තිහක් වන අතර, උස අඩි එකක් පමණ වේ. මේ වන විට මෙම ස්තූපය නිදන් සොරුන්ගේ ග්‍රහණයට නතු වීමෙන් විනාශ වී ඇති අතර, එහි ඉදිකර තිබූ පැරැණි ගඩොල් තැනින් තැන දක්නට ලැබේ. අනෙක් ස්තූපය පර්වත මුදුනේ තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, වර්තමානය වන විට එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. එහි ගඩොල් සෑම තැනකම විසිරී පවතී. මෙහි වර්ග කිහිපයක ගඩොල් දක්නට හැකි අතර, අඩි 1.4, 0.8 වර්ගයේ ගඩොල් ඒ අතර බහුල ය. එයට පහළින් ගල්තලාවක් මත පිහිටා ඇති පොකුණකි. ඒ අසල පැරැණි ගොඩනැඟිල්ලකට අයත් පාදම් ගල් දාහතරක් දක්නට ලැබේ.

කරඹගල පිහිටි මෙම නටබුන් කරඹගල නටබුන් හා මදුනාගල නටබුන් වශයෙන් කොටස් දෙකකට අයත් වේ. කරඹගල හා මදුනාගල අතර දුර මීටර් 500කි. ඒ දෙක අතර, පැරැණි ලෙන් රාශියක් දක්නට ලැබේ. මදුනාගල අඩි 327ක් ද කරඹගල අඩි 92ක උසකින් ද යුක්ත වේ. කරඹගල ආරණ්‍ය සේනාසනය පුරාම තැනින් තැන පිහිටි ගල්ලෙන් රාශියකි. එක් තැනක පැරැණි ගොඩනැඟිල්ලක් ද පිහිටා තිබී ඇත. තරමක විශාල ලෙනක බුදු මැඳුරක් දක්නට ලැබේ. එහි හිඳීපිළිමයක් ද පිළිමය දෙපස සක්‍රයාගේ හා බ්‍රහ්මයාගේ රූප ද නෙළා තිබීම විශේෂයකි. මෙහි පසෙකින් පස්වග මහණුන්ගේ රූප ද අඹා තිබේ. එහි තවත් පසෙකින් චත්‍රාකාර ලෙනක් දක්නට ලැබෙන අතර, එහි එකවර මිනිසුන් 400කට පමණ ඇතුළු විය හැකි බව ද පැවසෙයි. චිත්ත ගුප්ත ලෙන වශයෙන් ප්‍රසිද්ධ ලෙනක් ද මෙහි දක්නට හැකි ය. එම ලෙනට ආසන්නයෙහි එක පෙළට සිටුවා ඇති ගල්කණු හතරක් දක්නට ලැබෙන අතර, පාදම් ගල් දහයක් ද මේ අසලම දක්නට ලැබේ. මේ ලෙන පියස්ස සහිතව ඉදිකරන්නට ඇතැයි විශ්වාස කරයි. එම ලෙන් වහලේ සිතුවම් ඇඳ තිබූ බවට ද විශ්වාසයක් පවතී. කරඹගල හා මදුනාගල අතර කොටසෙහි වේදිකාවක් මත ඉදිකරන ලද විචිත්‍රවත් ලෙනක් ද දැක ගත හැකි ය.

මෙම නටබුන්වලට අමතරව මෙහි ලෙන් ලිපි වශයෙන් හඳුනා ගන්නා ලද ලිපි රාශියක් දක්නට ලැබේ. මෙහි ඇති කරඹගල ලිපිය වශයෙන් ප්‍රසිද්ධ ලිපිය මහසෙන් මහා රජුගේ පුත්‍රයා වූ සිරිමෙවන් අභය විසින් සිදු කරනු ලැබූ පූජා ගැන විස්තර කරයි. කරඹගල ලෙන් ලිපිවලින් දෙකක් මදුනාගල කොටසේ පිහිටා ඇති අතර, එයින් එක් ලිපියක් ගල්තලාවේ පොකුණ අසල බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියා ඇත.

Hotwater Springs Madunagala / මදුනාගල උණු වතුර ළිං

madunagala

ඇඹිලිපිටිය හා හම්බන්තොට නගරයන්ට මැදිව සූරියවැව නගරයට ආසන්නයේ පිහිටා ඇති සංචාරකයන්ගේ ආකාර්ෂණය දිනාගත් ස්ථානයක් ලෙස මදුනාගල උණු දිය උල්පත් හැඳින්විය හැකිය. මදුනාගල ආරණ්‍ය සේනාසනයත් අනෙක් පසින් පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා ඉපැරණි චිත්‍ර සොයාගත් කරඹගල වන රක්ෂිතයටත් මැදිව සුන්දර කුඹුරු යායක් මැද මෙම ස්ථානය පිහිටා ඇත.

දකුණු පළාත් සංචාරක අමාත්‍යංශය විසින් සංචාරක ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් මෙම ස්ථානයට තවත් සංචාරක අංගයන් බොහෝමයක් එක් කර තිබේ. සංචාරකයන්ගේ ගමන් විඩාව දුරුකර ගනිමින් ඖෂධීය ගුණයන්ගෙන් සම්පූර්ණ වූ උණු දිය ස්නානය කිරීමේ පහසුකම් මෙම ස්ථානයේ ඇත. බොහෝ ඖෂධ ගුණයන්ගෙන් සපිරි ස්වාභාවික උණු දිය ස්නානය කිරීමේ පහසුකම යනු සංචාරකයින්ට ඉතා මහඟු අවස්ථාවකි.

උණු දිය උල්පත් ඇතිවන ආකාරය වර්තමානයේ මෙම ස්ථානයේ ඇති උණු දිය උල්පත වටකොට ජල ටැංකි පහක් ඇත. උණු දිය උල්පත වටා බැඳි ජල ටැංකිය වඩා වැඩිම උෂ්ණත්වයක් ඇති ජල ටැංකියයි. ටැංකියෙන් ටැංකියට ගලා යමින් ක්‍රමයෙන් උෂ්ණත්වය අඩුවන ආකාරයට සකස් කර ඇති අතර, සංචාරකයින්ට දිය නෑම සඳහා එය විශාල පහසුවක් ගෙන දී ඇත.

මෙම ස්ථානයෙහි කුරුළු උයන්, මින් මැදුරක්, කෞතුකාගාරයක්, සංචාරක නැවතුම්පළක් මෙන්ම පළතුරු උයකන් ද ඉඳිකර ඇත්තේ මෙම සංචාරක ගම්මාන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේය. තාරාවන්, පරවියන්, හාවුන්, කොබෙයියන් වර්ග මෙන්ම තවත් බොහෝ සතුන් වර්ගයන් සිටින අතර, මින් මැදුර තුළ ද විවිධ දුර්ලභ මතස්‍ය වර්ග ගණනාවක් ඇත.

News & Events

07
பிப்2025
සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස්...

14
மார்2024
ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024 2024.03.08 දිනට...

14
பிப்2024
Self-employment training program for persons with disabilities

Self-employment training program for persons with disabilities

Self-employment training program for persons with disabilities...

குடியுரிமை சாசனம்

Scroll To Top